රත්තරන් වලට වඩා අනර්ඝයි
ඔබ කවදා හෝ මිදුලක පරණ බඩු විකිණෙන ස්ථානයකට ගොස් අඩු මිලට ඇති භාණ්ඩ දෙස බලා ඔබට ඇදහිය නොහැකි තරම් වටිනා යමක් සොයා ගත හැකි යැයි සිහින මැව්වාද? එය සිදුවූයේ ඇමෙරිකාවේ කනෙක්ටිකට් හි මෙවැනි පරණ බඩු අලෙවියකදී ඩොලර් 35 කට පමණක් මිලදී ගත් මල් වලින් වර්ණාලේප කර තිබු පෞරාණික චීන බඳුනක් 2021 වෙන්දේසියකදී ඩොලර් 700,000 කට වඩා වැඩි මුදලකට අලෙවි වූ…
පීඩාවට පත්වූ අය උදෙසා බලාපොරොත්තුව
අන් අයට නොපෙනෙන හෝ තේරුම්ගත නොහැකි කැළැල් බොහෝ අය දරා ගෙන සිටිති. එම ගැඹුරු අවංක වචන පැමිණියේ මානසික සෞඛ්‍ය කැළඹීම් හේතුවෙන් 2020 බේස්බෝල් ක්‍රීඩා වාරයේ අවසානයේදී ක්‍රීඩා තරඟයෙන් ඉවත් වූ ප්‍රධාන බේස්බෝල් ක්‍රීඩක ඇන්ඩ්රලේටන් සිමන්ස්ගෙනි. ඔහුගේ තීරණය ගැන මෙනෙහි කරමින්, සමාන අභියෝගවලට මුහුණ දෙන අයව දිරිමත් කිරීමට සහ අනුකම්පාව පෙන්වීමට අන් අයට මතක් කිරීම සඳහා ඔහුගේ කතාව බෙදා ගැනීමට අවශ්‍ය…
දෙවියන්වහන්සේව දැනගැනීමට
අයර්ලන්තයේ සංචාරයකදී, බහුල ලෙස තිබු අලංකාර ෂැම්රොක් දැක මම අතිශයින් කම්පනයට පත් වීමි. කුඩා කොළ පැහැති, පත්‍ර තුනකින් යුත් ශාකය සෑම වෙළඳසැලකම සෑම දෙයක් මතම එනම්, ඇඳුම් පැළඳුම්, තොප්පි, ස්වර්ණාභරණ සහ තවත් බොහෝ දේ මත පෙනෙන්ට තිබුණි!
අයර්ලන්තය පුරා සශ්‍රීක ශාකයකට වඩා, ෂැම්රොක් ත්‍රිත්වය පැහැදිලි කිරීමේ සරල ක්‍රමයක් ලෙස පරම්පරා ගණනාවක් පුරා වැළඳගෙන ඇත. එය යොදා ගන්නේ දෙවියන්වහන්සේ සදාකාලිකවම වෙනස්…
තනි වූ නමුත් අමතක නොවුනි
ඔබ ඔවුන්ගේ කථා අසන විට සිර කරුවෙකුට විඳීමට සිදුවන අසීරුම දෙය වන්නේ පාළුව සහ තනිකම බව පැහැදිළි වන්නේය. තවද එක් අධ්‍යයනයකදී එළිදරව් වූයේ ඔවුන් සිරගතව සිටින කාලය කෙතරම් වූවත් බොහෝ සිරකරුවන්ට මිතුරන්ගෙන් සහ ප්‍රියයන්ගෙන් ලැබෙන්නේ බැහැදැකීම් දෙකක් පමණක් බවයි. තනිකම යනු අඛණ්ඩ යථාර්ථයකි.
බොරු චෝදනාවකට සිරගතව සිටින කල යෝසෙප් දරා ගත් වේදනාව මම පරිකල්පනය කළෙමි. එහි බලාපොරොත්තුවක යම් ඡායාවක් තිබුණි.…
යාච්ඤාවෙදී මතක් කරන්න
2021 මොන්ඩි මනී ත්‍යාග ප්රදානෝත්සවයේදී බ්‍රිතාන්‍ය පුරුෂයන්ට සහ කාන්තාවන්ට දෙනු ලබන වාර්ෂික සම්මානයක් වන ගරුත්ව සම්මානයක් මැල්කම් ක්ලවුට් හට 2 වන එලිසබෙත් රැජින ප්රදානය කළාය. ඒ වන විට අවුරුදු සියයක්ව සිටි ක්ලවුට්ට ගෞරව කරනු ලැබුවේ ඔහුගේ ජීවිත කාලය තුළදී බයිබල් දාහක් බෙදා දීම හේතුවෙනි. ඔහුගෙන් බයිබලයක් ලැබූ සෑම කෙනෙක් ගැනම වාර්තාවක් ක්ලවුට් වෙත තිබුණු අතර ඒ සෑම කෙනෙක් ගැනම ඔහු…
සෑම දිනයක් වෙනුවෙන් බලගැන්වී
“සෑම මොහොතක්ම ශුද්ධය” යන අලංකාර පොතෙහි විවිධ කාර්යයන් වෙනුවෙන් එනම් ආහාර පිළියෙල කිරීම හෝ රෙදි සේදීම හෝ වැනි සාමාන්‍ය කාර්යයන්ද සඳහා යාච්ඤා තිබුණි. නැවත නැවත කිරීමට අවශ්‍ය දේවල් අප නීරස දේවල් ලෙස සිතිය හැකිය. මෙම පොත මට මතක් කර දෙන්නේ ජී.කේ. චෙස්ටර්ටන්ගේ වචනයි. ඔහු ලීවේ “ඔබ ආහාර ගැනීමට පෙර යාච්ඤා කරයි. නමුත් මම චිත්‍ර අඳිද්දී, පිහිනද්දී, කඩු හරඹයේදී, බොක්සිං වලදී,…
බලාගාරයට සම්බන්ධ වී
බලවත් කුණාටුවකට පසුව අපගේ නිවසේ විදුලි බලය ක්‍රියාත්මක නොවන බව දැනගෙනත් (මහත් අපහසුතාවයකට පත් කරන අපගේ පරිසරයේ සාමාන්‍ය සිදුවීමකි) මම කාමරයට ඇතුල් වන විටම ස්විචය දැමීමි. ඇත්තෙන්ම යමක් සිදුවූයේ නැත. තවමත් අන්ධකාරය මා වටකර තිබුණි.
එම අත්දැකීම එනම් බලාගාරයට ඇති සම්බන්ධතාවය කැඩී ඇති බව දැන දැනත් ආලෝකය බලාපොරොත්තු වීමේ අත්දැකීම ආත්මික සත්‍යයක් පැහැදිලිව මට මතක් කළේය. බොහෝ විට අපි ආත්මයාණන්…
දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ බලය
විශාල කුණාටු සුළං නිසා බලවත් මිසිසිපි ගංගාවේ ගලා බැසීම වෙනස් වූ විට කළ නොහැකි දේවල් සිදු විය. 2021 අගෝස්තු මාසයේ අයිඩා සුළි කුණාටුව ලුයිසානා වෙරළට පැමිණි විට එහි ප්‍රතිඵලය වූයේ “සෘණාත්මක ජල ගලා” බැසීමකි. එහි අර්ථය නම් පැය කිහිපයකට ජලය උඩු අතට ගලා ගිය බවයි.
විශේෂඥයින් ගණන් බලා පැවසුවේ සුළි කුණාටුවක් පවතින කාලය තුළ න්‍යෂ්ටික බෝම්බ දහ දහකට සමාන ශක්තියක්…
නිදහස ඇතුව ජීවත් වීම
මා හැදී වැඩුණු ටෙක්සාස්හී කළු සමූහනයන් තුළ ජූනි 19 වන දින විවිධ උත්සවාකාර පෙරහැරවල් සහ විනෝද චාරිකාවන් තිබුණි. “ජූන්ටීන්ත්” (ජූනි සහ දහනව වන දින හැඳින්වෙන තනි වචනයක්) හි තිබූ සිත් කම්පාවන වැදගත්කම දැන ගැනීමට මා යෞවනයෙකු වන තෙක් මට හැකි වූයේ නැත. “ජූන්ටීන්ත්” සංකේතවත් කරන්නේ 1865 දී ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ටෙක්සාස්හී වහල්කමේ සිටි ජනතාවට නිදහස ලබා දීම පිණිස “නිදහස් කිරීමේ”…
කැබලි එකට දැමීම
ගෝලීය වසංගතය නිසා අපගේ පවුලේ අයව නිරෝධායනය කර තිබුණද අපි ඉලක්කයක් ඇති ව්‍යාපෘතියක් භාර ගතිමු. ඒ කැබලි දහඅට දහසක ප්රහේලිකාවකි. අපි දිනපතා පාහේ වැඩ කළද වැඩි ප්‍රගතියක් ලැබෙන බවක් අපට හැඟුණේ නැත. අප ආරම්භ කර මාස පහකට පසුව අපගේ කෑම කාමරයේ සම්පූර්ණ බිම ආවරණය කළ අඩි 9×6 ක් වූ ප්‍රහේලිකාවේ අවසන් කැබැල්ල සවි කිරීමේ ප්‍රීතිය සැමරුවෙමු.
සමහර විට මගේ ජීවිතය…